Wednesday, August 3, 2011

Sri Lanka Tele dramas

මෙම බ්ලොග් එක මැල්ලුමක් සේ පෙනුනද මට‍ එය එසේ කලයුතුයැයි සිතේ


අද රුපවාහිනි නාට්්‍ය නරබන්නේකුට බොහෝවිට අසන්න ලැබෙන, කෙනේකු ආමන්ත්‍රනයට බාව්තවන සුලබ වචන ප්‍රමානයක් ඇත


ඹ්යි
තමුසේ
යනවා යන්න
මින් සමහරකී


මෙවා බාවිත කරනු ලබන්නේ පෙම්වතා පෙම්වතියටත්, පෙම්වති පෙම්වතාටත් වීම විශේෂ ලක්ෂනයයි


මෙවැනි දේ මගින් අපට ලබාගත හැකි වන්නේ පිරිහුනු සමාජයක් මිස, අප බලා පොරොත්තුවන ගුන ගරැක සමාජය නොවේ
වයස 10-16 අතර ලමුන් මේවා නැරබිමේදි එය ආදර්ශයක් කරගැනීමේ බොහෝ ඉඩ කඩ ඇත. ඒ මක් නිසාද යත් 10-16 අතර ලමුන් අනුකරන වලට සහා පෙලබවිම් සදහා වැඩිපුර නැබුරැ විමයි.


ඈත අතිත‍යේ සිට ශ්‍රි ලංකාව යනු ඉතා අගනා අයුරින් පවුල යන සංකල්පය ගොඩනගාගෙන පැමින ඇති රටකි .  ලෝකයේ බොහෝ ර‍ට වල‍ට නැත්තේද මේ තත්වයයි. දස රාජ දර්ම වලින් ප්‍රධානම එකක් වන වැඩිහිටි ගරුකිරිමද තවත් එක් දෙයකි. මෙය රටක දියුනුවට කෙතරම් පලපාන්නේද යන්න දන්නේ මේ තත්වය නැති රටවල් වලිනි. මෙවැනි ගුනදර්ම වලින් තොර රටක් බවට ශ්‍රි ලංකාවද පත්කල හැකිනම් යන්න මෙවැනි රටවල් වල අදහස වීමට නොහැකිද? මක්නිසාද යත් මෙවැනි කුඩා සම්පත් බහුල සාක්ෂර තාවය ඉහල රටක් දියුනු කීරීම අපහසු කාර්යයක් නොවන බැවිනි.


ඉහත ආකාරයට එකිනෙකා අමාන්ත්‍රනය කිරීමට හුරැ කරවීමෙන් එකිනෙකා කෙරෙහි තිබෙන ගෟරවය ඉබේම නැතිවි යන අතර සමගියද ක්‍රමයෙන් නැතිවි යයි
ගෟරවය නැති සමගිය නැති පවුලක අරවුල් යනු සුලබ දසුනකි. ඊලගට මෙවා අදර්ශයට ගන්නේ අපේ දරැවන්ය. ඔවුන්ගේ පවුද මේ ආකාරයටම වැනසි යන අතර දෙමාපියන්ගේ ආරවුල් නිතරම දුටු ලමුන්හට දෙමාපියන් කෙරේ ඇති ගෟරවයද කෙලෙසීයයි


මෙම ත්ත්වය ඇතිකිරිම බලාපොරොත්තුව කරගත් පිරිසක් අප අතර ඇති අතර, ඔවුන් මේ සදහා ඔනෑම මුදලක් වියදම් කිරිමට බලා සීටි.  මුදල් දෙසම බලා සිටිනා අපේම රටේ පිරිස්, මේ මුදල‍‍ට මුලු රටම විනාශ කර  දමයි.   ‍බොහෝවිට ඔවුන් මෙ දේ කරනුයේ තමාගේ පවුල වෙනුවෙනි. ඒත් ඔහුත් නොදැන තම පවුලද විනාශ  කර දමයි. නැතහොත් ඔවුන් විනාශ කර දමන්නේ ඔවු‍න්ගේ නොව තම ආදර දරුවාගේ ජිවිතය බව නොදනී.


කනගාටුවට කරුන නම් මෙවැනි වැඩ සටහන් රජයේ නාලිකා වලද ප්‍රචාරය විමයි

No comments:

Post a Comment